ෆෙඩරල් රජයේ ප්‍රතිපාදන පමාවී දිනකට වැඩිහිටියන් 30 ක් මරුට

ෆෙඩරල් රජයෙන් නියමිත මුදල් ප්‍රතිපාදන අනුමත වීම ප්‍රමාද වීම හේතුවෙන් නිසි රැකවරණය නොලැබීමෙන් දිනකට ඔස්ටේ්‍රලියාව තුළදී වැඩිහිටියන් 30 දෙනෙකු පමණ මරණයට පත්වන බව අනාවරණ වී තිබෙනවා.

Home Care Packages වැඩසටහන තුළින් අධියර 04 ක් යටතේ මූලික රැකවරණයේ සිට ඉහළ රැකවරණය දක්වා සාත්තු සේවා ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව පවතිනවා.

කෙසේවෙතත් විශාල පිරිසකගේ ඉල්ලීම් මේ දක්වා අනුමත වී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.

2017 ජුලි 01 වනදා සිට පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වැඩිහිටි ඔස්ටේ්‍රලියානුවන් 50,496 දෙනෙකු එලෙස නිසි රැකවරණයකින් තොරව මියගොස් තිබෙනවා.

එනම් දිනක සාමාන්‍යය මරණ 30 ක් බවයි පැවසනේනේ.

ඇතැම් වයස්ගත පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් පවසා තිබුණේ සිය ඥාතියා මරණයට පත්වීමෙන් පසු අදාළ අනුමත ලිපි ලැබුණු බවයි.

අදාළ වසර 04 1/2 ක කාලය තුළදී පුද්ගලයන් 57,892 දෙනෙකු නිවාසවල සිටීම වෙනුවට Aged care වෙත යාම තෝරාගෙන තිබෙනවා.

කෙසේවෙතත් අදාළ ඉල්ලීම් අනුමත වීම සඳහා පැවති පොරොත්තු කාලය මේ වනවිට මාස 06 ත් 09 ත් අතර සිට මාස 03 ත් 06 ත් අතර දක්වා අඩුවී තිබෙනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »