Medicare හරහා වෛද්‍යවරුන් කරන ඩොලර් බිලියන ගණනක වංචාවක් එළියට

Medicare ආශ්‍රිතව වාර්ෂිකව සිදුවන ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබෙනවා.

දැනටමත් මියගොස් ඇති පුද්ගලයන් වෙනුවෙන් බිල්පත් නිකුත් කිරීම සහ සැබෑ වශයෙන්ම නොගත් සේවා සඳහා ගාස්තු අය කල බව දක්වමින් බිල්පත් නිකුත් කිරීමත් මෙහිදී සිදුවන බව සඳහන්.

ඒ අනුව හරහා නැවත මුදල් ලබාගැනීම තුළින් මෙලෙස ඩොලර් බිලියන ගණනක වංචා සිදුවන බවයි නවතම වාර්තාවක් අනාවරණ කර ඇත්තේ.

වෛද්‍යවරුන් විසින් දැනුවත්ව මෙම වංචාව සිදුකරන බවටත් චෝදනා එල්ල වනවා.

Medicare සඳහා වසරකට වෙන් කරන ඩොලර් බිලියන 08 කට ආසන්න මුදලෙන් සියයට 30 ක් පමණ මෙම වංචාවට හසුවන බවයි ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන කිහිපයක් විසින් ඒකාබද්ධව සිදුකල විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ වෛද්‍යවරුන් නියෝජනය කරන ප්‍රධානතම වෘත්තිය සංගමය වන AMA හෙවත් ඔස්ටේ්‍රලියානු වෛද්‍යවරුන්ගේ සම්මේලනය මෙම වාර්තාව සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබෙනවා.

කැපවීමෙන් සේවය කරන වෘත්තියකට මෙලෙස චෝදනා එල්ල කිරීම කිසිසේත් සාධාරණ නොවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »