වික්ටෝරියා ජල ගැලීම් නිසා රටේම එළවලු පළතුරු මිළ ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයට බලපා ඇති ජල ගැලීම් තත්වය හේතුවෙන් රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ගණන් තවත් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ගොවිපොළ සහ වගාබිම් වැනි කෘෂිකර්මාන්තයට සම්බන්ධ ස්ථාන ගණනාවක් ජලයෙන් යටව පැවතීම හමුවේ අස්වැන්න හානිවී සැපයුම් අඩුවීම ඊට හේතුවයි.

මේ අනුව ධාන්‍ය – පළතුරු – එළවලු වැනි නිෂ්පාදන රැසක මිළ ගණන්වල ඉහළයාමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කල හැකි බවටයි අනාවැකි පළවන්නේ.

වික්ටෝරියා ජල ගැලීම්වලට ලක්වූ ප්‍රාදේශීය කලාපවල වගාබිම්වලින් සැළකිය යුතු එළවලු සහ පළතුරු ප්‍රමාණයක් ජාතික සැපයුමට එක් කිරීම ඊට හේතුවයි.

ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත ජිම් චාමර්ස් ද මෙවැනිම අනතුරු ඇගවීමක් නිකුත් කර තිබීම විශේෂත්වයක්.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »