
දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ පූර්ව ළමාවිය අධ්‍යාපනය සම්බන්ධයෙන් සෙවිමට පත් කල රාජකීය කොමිසමේ ප්‍රධානී ලෙස හිටපු අගමැතිනියක වන ජූලියා ගිලාඩ් පත් කර තිබෙනවා.
දැනට අවුරුදු 04 ක් ලෙස පවතින පෙර පාසල්වල අවම වයස අවුරුදු 03 දක්වා වසරකින් ඉදිරියට ගෙන ආ හැකිදැයි එහිදී විමසා බැලීමට නියමිතයි.
2026 වසරේ සිට මෙම සංශෝධනය හඳුන්වා දෙන බව පසුගිය මාර්තු මස පැවති ප්‍රාන්ත මැතිවරණයේදී දකුණු ඔස්ටේ්‍රලියා පාලක ලේබර් පක්ෂය පොරොන්දුවක් ලබාදුන්නා.

ඒ අනුවයි ඩොලර් මිලියන 2.45 ක වියදමකින් රාජකීය කොමිසමක් පත් කර ලබන වසරේ අගෝස්තු වනවිට එහි නිර්දේශ ලබාදෙන ලෙස නියෝග කර ඇත්තේ.
කොමිසමේ නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන බවටද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැතිවරයා සහතික වනවා.
