වික්ටෝරියා ජල ගැලීම්වලට ලක්වූවන්ට ෆෙඩරල් රජයෙන් සහන

වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ ජල ගැලීම් හමුවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශවල ජනතාවට හදිසි ආපදා සහන මුදලක් ගෙවීමට ෆෙඩරල් රජය තීරණය කර නියමිතව තිබෙනවා.

ඒ අනුව Campaspe, Greater Shepparton, Maribyrnong, Mitchell and Strathbogie යන LGA ප්‍රදේශවල වැඩිහිටි ජනතාවට ඩොලර් 1000 ක් සහ ළමුන්ට ඩොලර් 400 ක් බැගින් ප්‍රතිපාදන සැලසෙන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.

ඊට අමතරව ටස්මේනියා ප්‍රාන්තයේ Central Coast, Kentish and Meander Valley යන LGA ප්‍රදේශවල ජනතාවටද මෙම ආපදා සහන මුදල් ලබාදීමට නියමිත බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කලා.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් තවත් LGA 23 ක ජනතාවටත් – ටස්මේනියා ප්‍රාන්ත රජය විසින් LGA 17 ක ජනතාවටත් ආපදා සහන මුදලක් ලබාදීමටයි නියමිතව ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජල ගැලීම් තත්වය උත්සන්න වීමත් සමග ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරෙන ජනතාවට පැරණි නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් සැළසීමට ෆෙඩරල් රජය ඊයේ තීරණය කලා.

ඒ අනුව ඇඳන් 250 කින් සමන්විත නිරෝධායන මධ්‍යස්ථානයක් පළමුවෙන් ඒ සඳහා යොදා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

ජනතාවට අවශ්‍ය නවාතැන් පහසුකම් – ආහාර – වෛද්‍ය පහසුකම් ඇතුලු සියලු ආධාර එහිදී ලබාදීමට නියමිත බව අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

මේ අතර මුදා ගැනීම් මෙහෙයුම් සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් තවත් අමතර 100 දෙනෙකු දැනටමත් වික්ටෝරියා ප්‍රාන්තයට යොමු කරන බවද අගමැතිවරයා කියාසිටියා.

 

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »