Search

දිල්ශාන් මධුශංඛ සමස්ත T20 ලෝක කුසලානයෙන් ඉවතට

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුශංඛට සමස්ත පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ ප්‍රබල පාඩුවක් ලෙසයි සැළකෙන්නේ.

පන්දුවාර 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව අද පළමු තරගයට එක්වනවා.

Geelong හි Kardinia Park Stadium ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09.30 හෙවත් මෙල්බන් වේලාවෙන් පස්වරු 03 ට තරගය ආරම්භ වනවා.

ආසියානු කුසලාන ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසිකත්වයකින් තරගයට එක්වනු ඇතැයි අපේක්ෂිතයි.

අද තරගය නැරඹීම සඳහා මෙල්බන් නුවර වාසය කරන ලාංකිකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයිද සඳහන්.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »