ඉහළ යන ජල ගැලීම් අවධානම හමුවේ වික්ටෝරියා ප්රාන්තයේ උතුරු ප්රදේශ රැසක ජනතාවට වහා ආරක්ෂිත ස්ථාන වෙත පිටත්වන්නැයි අනතුරු අගවා තිබෙනවා.
අද දහවල් 12 ට පෙර පිටත්ව යන ලෙස Echuca ප්රදේශයේ ජනතාවට කෙටි පණිවිඩ යොමුකර තිබුණා.
Shepparton, Mooroopna, Orrvale – Kialla West ප්රදේශවල ජනතාවට දැනටමත් එම අනතුරු ඇගවීම නිකුත් කර අවසන්.
Shepparton ප්රදේශයට අවසාන වරට මහ ගංවතුර මට්ටමක් පැමිණ තිබුණේ 1974 වසරේදී වන අතර මෙවර එම තත්වයද අභිබවා ගොස් තිබෙනවා.
Shepparton හි නිවාස 8000 කට පමණ පූර්ණ හෝ අර්ධ හානි සිදුවී ඇතැයි සඳහන්.