200,000 කට ආසන්න ඔස්ටේ්‍රලියානුවන්ගේ මේ වන විට සිදු කෙරෙන සක්‍රීය Centrelink විමර්ශන අහෝසි කිරීමට තීරණය වී තිබෙනවා.
තමන් ලබා නොගත් සුබසාධන ණය පියවීමට එරෙහිව වසර ගණනාවක් සටන් කළ පිරිසකට මෙම වරප්‍රසාදය උදාවනු ඇති.
නීත්‍යානුකූල නොවන සුබසාධන ණය අයකර ගැනීමේ යෝජනා ක්‍රමය ආරම්භවූයේ 2015 දීයි.
මෙම robodebt ක්‍රමය හරහා පුද්ගලයන් 381,000 කින් ඩොලර් මිලියන 750 කට වඩා නිවැරදි නොවන ලෙස අයකර ගත් බවටයි වාර්තා වූයේ.
මේ සම්බන්ධයෙන් රාජකීය කොමිසමක්ද පත් කෙරුණු අතර එහි අවසන් වාර්තාව ලබන වසරේ අප්‍රේල් 18 වනදා වනවිට ආණ්ඩුකාර ජනරාල්වරයා වෙත භාර දෙනු ඇති.