
පන්දුවාර 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව අද පළමු තරගයට එක්වනවා.
Geelong හි Kardinia Park Stadium ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09.30 හෙවත් මෙල්බන් වේලාවෙන් පස්වරු 03 ට තරගය ආරම්භ වනවා.

ආසියානු කුසලාන ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසිකත්වයකින් තරගයට එක්වනු ඇතැයි අපේක්ෂිතයි.
අද තරගය නැරඹීම සඳහා මෙල්බන් නුවර වාසය කරන ලාංකිකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයිද සඳහන්.
