ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 වෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බව බව වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට එකතු වී සිටින සංචාරකයන් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් එම ස්ථානය හිමිව ඇත.
වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුව ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රට වන්නේ අයිස්ලන්තයයි.
එම දර්ශකයේ දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත් තෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සීගිරිය නැරඹිය යුතුම ස්ථානයක් ලෙස වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.