Paid parental leave කාල සීමාව සති 26 දක්වා ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළදි දරු උපතකදී දෙමව්පියන් හට ලබාදෙන වැටුප් සහිත නිවාඩු කාල සීමාව (paid parental leave) සති 18 සිට 26 දක්වා ඉහළ දැමීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.

ලබන 25 වනදා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛණයට ඇතුළත් ප්‍රධාන සංශෝධනයක් බවට එය පත්වනු ඇති බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.

කෙසේවෙතත් එය ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත්තේ 2026 වසරේ සිට බවයි පැවසෙන්නේ.

මවට සති 06 ක් – පියාට සති 06 ක් සහ අනෙක් සති 14 ඔවුන් විසින් තෝරා ගන්නා ආකාරයට ලැබෙන පරිදි මෙම සති 26 සකස් කෙරෙනු ඇති.

දරුවන් ලැබීමෙන් පසුව වුවද කාන්තාවන්ට රාජකාරි සඳහා වාර්තා කිරීමට මේ යටතේ වැඩි අවස්ථාවක් හිමිවන බැවින් ආර්ථිකය නංවාලීමට ප්‍රබල දායකත්වයක් ලැබෙනු ඇති බවද අපේක්ෂා කෙරෙනවා.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කිරිමේදී තවත් සංශෝධන ගෙන ඒමටයි ග්‍රීන්ස් පක්ෂය සූදානමින් පසුවන්නේ.

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »