ලෝක කුසලානයට දිනකට පෙර ලංකාව වාර්තා පොත් අතරට

වසරක කාලයක් තුළ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ අඩුවෙන්ම වෙනස්කම් සිදුවූ ප්‍රධාන කණ්ඩායම් 04 අතරට ශ්‍රී ලංකාවද තේරී පත්වී තිබෙනවා.

ඒ, ඉකුත් වසරේ පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිට මෙවර තරඟාවලිය දක්වා කාලය සසදා සිදුකළ දත්ත විශ්ලේෂණයකට අනුවයි.

ඊට ඇතුලත් රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දිය කොදෙව් හා ඇෆ්ගනිස්ථානයයි.

ඒ අනුව ඉකුත් වසරේ පැවති ලෝක කුසලානයට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් 05 දෙනෙකු මෙවර ක්‍රීඩා නොකරන අතර අලුතින් ක්‍රීඩකයින් 05 දෙනෙකු ඊට එක්වී තිබෙනවා.

එලෙස ඉවත් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් ජනිත් පෙරේරායි.

ඒ වෙනුවට ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ හා ප්‍රමෝද් මධුෂාන් අලුතින් කණ්ඩායමට එක්ව තිබෙනවා.

අඩුවෙන්ම සංශෝධන සිදුවූ කණ්ඩායම වන්නේ නවසීලන්තයයි.

ඔස්ටේ්‍රලියාවේ සහ දකුණු අප්‍රිකාවේද සංශෝධන සිදුව ඇත්තේ 04 බැඟින්.

ඉකුත් වසරේ පැවති ලෝක කුසලානයට සහභාගීවූ ක්‍රීඩකයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් මෙවර ඉවත් කර ඇති කණ්ඩායම වන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි. එම ක්‍රීඩකයින් සංඛ්‍යාව 12 ක්.

ඒ වෙනුවට අලුත් ක්‍රීඩකයින් දස දෙනෙකු කණ්ඩායමට එක්ව තිබෙනවා.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »