ලෝක කුසලානයේදී වනිඳු හා මහීෂ් ගැන විශේෂ වාර්තාවක්

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනවල ස්වභාවය පිළිබඳ විශේෂ වාර්තාවක් මේ වන විට එළිදක්වා තිබෙනවා.

ක්‍රීඩා විශ්ලේෂකයින් එමඟින් දක්වා ඇත්තේ ඔස්ටේ්‍රලියානු තණතිලිවලදී හයේ පහර සහ හතරේ පහරවලින් ලකුණු රැස් කිරීමට පි‘තිකරුවන්ට මෙවර වෙහෙසවී කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

ලෝක කුසලානයේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගනවල මෙතෙක් පැවති පන්දුවාර විස්සයි 20 තරඟ ආශ්‍රීතව මෙම විශ්ලේෂනය සිදුකර තිබෙනවා.

එමඟින් පෙන්වාදී ඇත්තේ හයේ සහ හතරේ පහරවලින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව සමස්ථ තරඟයේ ලකුණු සංඛ්‍යාවෙන් සියයට 50 කට ආසන්න බවයි.

ඒ අතරින් හයේ පහරවලින් රැස්කළ ලකුණු පවතින්නේ සියයට 20 ක අගයකයි.

කෙසේවෙතත් පන්දුවාර විස්සයි 20 තරඟවලදී ඔස්ටේ්‍රලියානු තණතීලිවලදී දඟ පන්දු යවන්නන්ට ද කැපී පෙනෙන අවස්ථාවක් පවතින බව එම වාර්තාවේ සඳහන්.

මෙතෙක් පැවති තරඟවලදී කණ්ඩායම් දඟ පන්දුව භාවිතකර ඇති ප්‍රතිශතය සියයට 58 ක්.

වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ වැනි පන්දුයවන්නන්ට එහිදී වැඩි වාසියක් ඇති බවටයි ක්‍රීඩා වාර්තා අධ්‍යනයේදී දැකගත හැකි වන්නේ.

ශ්‍රී ලංකාව ද සහභාගී වන ලෝක කුසලානයේ සුදුසුක්ම ලැබීමේ වටය අනිද්දා ආරම්භ වනවා.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »