වික්ටෝරියා ප්‍රාන්තයට අදාළව නිකුත් කල ජල ගැලීම් අවධානම් අනතුරු ඇගවීම් සංඛ්‍යාව 100 කට ආසන්න වී තිබෙනවා.
එමෙන්ම නායයාම් අනතුරු ඇගවීම් ගණනාවක්ද තවදුරටත් බලාත්මක බවයි ප්‍රාන්ත ආපදා අංශ සඳහන් කලේ.
මේ අතර උතුරු වික්ටෝරියාවේ Echuca ප්‍රාථමික පාසල අසල මාර්ගය ගිලා බැසීමකට ලක්ව තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට මේ වනවිට බලපා ඇත්තේ වසර 50 කට පමණ පසු හටගත් දරුණුතම කාළගුණ තත්වය බව සඳහන්.
අද දිනයේදී පාසල් රැසක් වසා දමා ඇති අතර දුම්රිය වාර කිහිපයක්ද අවලංගු කෙරුණා.
වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට නිකුත් කර ඇති සියලුම ආපදා අනතුරු ඇගවීම් පහතින් :