වික්ටෝරියා වීසා ගැන නවතම දැනුම්දීමක්

2022-23 මූල්‍ය වර්ෂයට අදාළව වික්ටෝරියා ප්‍රාන්තයේ 190 සහ 491 වීසා කෝටාවලට අදාළ තොරතුරු කිහිපයක් ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 30 වනදා වන විට 190 වීසා කාණ්ඩය සඳහා ලැබී ඇති ROI සංඛ්‍යාව 18,265 ක්.

ඉන් 1,820 දෙනෙකුට නිර්දේශ ලබා දී තිබෙනවා.

190 යනු මෙරට ස්ථිර පදිංචිය සෘජුවම ලබාදෙන වීසා බලපත්‍රයක්.

2022-23 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා සඳහා 9,000 ක කෝටාවක් වෙන් කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6,000 ක වැඩි වීමක්.

සැප්තැම්බර් 30 වනදා වන විට, වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා කාණ්ඩය සඳහා ROI 6,059 ක් ලැබී තිබුණා.

එයින් 459 දෙනෙකුට නිර්දේශ ලබා දී අවසන් බවයි වික්ටෝරියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව සඳහන් කරන්නේ.

2022-23 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා 2,400 ක කෝටාවක් වෙන් කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 1,900 ක වැඩි වීමක්.

491 වීසා කාන්ඩයෙන් මෙරට ප්‍රාදේශීය කලාපයක වසර 05 ක පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර හිමිවන අතර ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබනු ඇති.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »