ඔස්ටේ‍රලියාවේ පළමු මහජන IVF සායනය මෙල්බන් නගරයේ

ඔස්ටේ‍රලියාවේ පළමු මහජන IVF සායනය ලබන අගහරුවාදා මෙල්බන් නගරයේදී විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා.

ගර්භණීභාවය සම්බන්ධ ගැටලු ඇති ඕනෑම කාන්තාවකට ඒ හරහා නොමිළයේ ප්‍රතිකාර ගැනීමට අවස්ථාව පවතින බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

Royal Women’s Hospital සහ Monash Health විසින් ඒකාබද්ධව මෙම සායනය පවත්වාගෙන යන අතර වසරකට කාන්තාවන් 4000 ක් පමණ එමගින් සේවා ලබාගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ගර්භණීභාවය සම්බන්ධ ගැටලු පවතින නමුත් ප්‍රතිකාරවල අධික වියදම හමුවේ දුෂ්කරතාවයට පත්ව සිටින කාන්තාවන්ට මෙමගින් සහනයක් අත්වනු ඇති බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

2018 වික්ටෝරියා මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුවයි ඩොලර් මිලියන 70 ක වියදමින් මෙම සායනය ඉදි කරනු ලැබ ඇත්තේ.

ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් මෙම සායනයට තවත් ඩොලර් මිලියන 13.6 ක මුදලක් වෙන් කරන අතර ඒ අනුව තවත් 1000 කට පමණ ප්‍රතිකාර ගැනීමට පහසුකම් සැළසෙනු ඇති බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »