වික්ටෝරියාවට වසර 50 කට පසු දරුණුතම ජල ගැලීම් තත්වයක්

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි පැය කිහිපය තුළදී ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් තත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළවනවා.

ඇතැම් ප්‍රදේශ සඳහා වසර 50 කට පසු බලපාන දරුණූතම ජල ගැලීම් තත්වය හටගනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

මෙල්බන් නගරයේ ස්ථාන රැසක් මෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසාන දිග කලාපයට මෙම අයහපත් කාළගුණයේ වැඩිම බලපානු ඇති බව සඳහන්.

මෙල්බා – හියුම් – කැල්ඩර් සහ මරුන්ඩා යන අධිවේගී මාර්ගවල ස්ථාන ගණනාවක් මේ වනවිටත් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

මිලිමීටර් 80 ත් 120 ත් අතර වර්ෂාපතනයකුයි අද දිනයේදී අපේක්ෂා කෙරෙන්නේ.

මේ අතර ටස්මේනියා ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවලට අද දිනයේදි මිලිමීටර් 300 ක පමණ වර්ෂාපතනයක් හටගනු ඇති බවටද අනාවැකි පළවනවා.

 

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »