
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පුහුණු තරගය අයර්ලන්තයට එරෙහි ව අද (13) මෙල්බන්හි දී පැවැත්වෙනවා.
මෙරට වේලාවෙන් පස්වරු 03 ට එය ආරම්භ වනු ඇති.
පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 33 ක ජයක් අත්වුණා.

නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පුහුණු තරගය ද අද මෙල්බන් හි දී පැවැත්වෙනවා.
පන්දුවාර 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව නැමීබියාවට එරෙහිව තරග වදින්නේ ලබන ඉරිදා දිනයේදීයි.
