Search

ඔස්ටේ්‍රලියාවේ වැඩිම පිරිසක් නිරත වෘත්තිය හෙළිවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම පිරිසක් සේවයේ නියුතු වෘත්තිය අලෙවි සහයක (retail assistant) බව හෙළිවී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ 2021 වසරේ සංගණනය පැවති කාලසීමාවේදී මෙරට පුද්ගලයන් 514,084 දෙනෙකු එම වෘත්තියේ නිරත වී ඇති බවයි.

දෙවන ස්ථානයට ලියාපදිංචි හෙදියන් පත්ව ඇත්තේ 262,742 දෙනෙකු සමගයි.

සේවකයන් 244,849 දෙනෙකු සාමාන්‍ය ලිපිකරු වෘත්තියේ නිරත වන අතර aged සහ disability සේවකයන් ගණන 227,535 ක්.

ක්ෂේත්‍ර ලෙස සැළකීමේදී වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ සෞඛ්‍ය – සිල්ලර වෙළඳාම – ඉදිකිරීම් සහ අධ්‍යාපනය වන අතර එම ක්ෂේත්‍රවල සිටින සමස්ත සේවක සංඛ්‍යාව ඔස්ටේ‍රලියාවේ මුලු ශ්‍රම බලකායෙන් සියයට 40 කට ආසන්නයි.

අඩුම වයසක් සහිත පිරිසක් නියෝජනය කරන ක්ෂේත්‍රය බවට ආහාර කර්මාන්තය පත්ව ඇති අතර වැඩිම වයසකින් යුත් පිරිසක් නිරත වන්නේ පශූ කර්මාන්ත අංශයේයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »