University of Melbourne ඔස්ටේ්‍රලියාවෙන්ම 01 වෙයි

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතුරින් ඔස්ටේ්‍රලියාවේ ඉහළම ස්ථානය හිමිකර ගැනීමට University of Melbourne හෙවත් මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා.

ලොව පුරා රටවල් 104 ක විශ්ව විද්‍යාල 1799 ක් ආශ්‍රිත දත්ත මගිනුයි මෙම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කර ඇත්තේ.

පළමු ස්ථාන 200 ට ඔස්ටේ්‍රලියානු විශ්ව විද්‍යාල 10 ක් ඇතුළත් අතර මෙල්බන් විශ්ව විද්‍යාලය පසුවන්නේ 34 වන ස්ථානයේයි.

පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම්වලදීත් ඔස්ටේ්‍රලියාවේ පළමු ස්ථානය University of Melbourne විසින් හිමිකර ගෙන තිබූ නමුත් එවර ලෝක ශ්‍රේණිගත කිරිම්වල මෙම වසරට වඩා එක් ස්ථානයක් ඉදිරියෙනුයි පසුවූයේ.

මොනෑෂ් විශ්ව විද්‍යාලයට 44 වන ස්ථානයත් – ක්වීන්ස්ලන්ඩ් වි්ශ්ව විද්‍යාලයට 53 වන ස්ථානයත් – University of Sydney 54 වන ස්ථානයටත් – Australian National University 62 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

ලොව පුරා විශ්ව විද්‍යාලවල ඉගැන්වීම – පර්යේෂණ – ජාත්‍යන්තර ප්‍රතිරූපය වැනි කරුණු රැසක් සැළකීමෙනුයි මෙම දර්ශකය වසරක් පාසා නිකුත් කරනු ලබන්නේ.

මෙවරත් ලොව පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වන අතර – දෙවන ස්ථානය අමෙරිකාවේ හාර්වර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ලබාගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සහ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සම 03 වන ස්ථානයේ පසුවන අතර 05 වන ස්ථානයට පත්ව ඇත්තේ අමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයයි.

ඔස්ටේ්‍රලියාවේ විශ්ව විද්‍යාල 37 ක ශ්‍රේණිගත කිරීම් මෙසේයි.

  • 34 University of Melbourne
  • 44 Monash University
  • 53 The University of Queensland
  • 54 University of Sydney
  • 62 Australian National University
  • 71 UNSW Sydney
  • 88 University of Adelaide
  • 131 The University of Western Australia
  • 133 University of Technology Sydney
  • 175 Macquarie University
  • 201–250 Curtin University
  • 201–250 University of Newcastle
  • 201–250 Queensland University of Technology
  • 201–250 Western Sydney University
  • 201–250 University of Wollongong
  • 251–300 Australian Catholic University
  • 251–300 Bond University
  • 251–300 University of Canberra
  • 251–300 Deakin University
  • 251–300 Griffith University
  • 251–300 La Trobe University
  • 301–350 Flinders University
  • 301–350 RMIT University
  • 301–350 University of South Australia
  • 301–350 University of Southern Queensland
  • 301–350 Swinburne University of Technology
  • 301–350 University of Tasmania
  • 351–400 Charles Darwin University
  • 351–400 Edith Cowan University, Western Australia
  • 351–400 James Cook University
  • 401–500 Murdoch University
  • 501–600 Victoria University
  • 601–800 Central Queensland University
  • 601–800 Federation University Australia
  • 601–800 Southern Cross University
  • 601–800 University of the Sunshine Coast
  • 1001–1200 Charles Sturt University

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »