ලංකාවේ දිළිඳු ජනගහණය ලක්ෂ 96 ට නගී

ලංකාවේ පුද්ගලයින් ලක්ෂ 96 ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“2019 ලක්ෂ 30කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් දරිද්‍රතා මායිමට පහළින් ජීවත් වුණා. ඒකෙන් අදහස් කරන්නේ දූගීබවෙන් පෙළුණා. නමුත් ඒ ප්‍රමාණය අද වෙනවිට ලක්ෂ 96 දක්වා වැඩිවෙලා තියෙනවා කියන කාරණය අපට පැහැදිලි වුණා.

දැන් අපේ සමාජයේ නැත්නම් ලාංකික සමාජයේ ජීවත් වන ජනතාවගේ සියයට 42ක් පමණ මේ වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියන කාරණය අපිට අපේ අධ්‍යයනය තුළින් අනාවරණය වුණා.

මෑතකදී ලෝක බැංකුව විසින් අධ්‍යයනයක් කරලා තියෙනවා ඒ අය සඳහන් කරනවා ලංකාවේ දරිද්‍රතාවය පෙළෙන්නේ 26%ක් වගේ ප්‍රමාණයක්.

නමුත් ඊට වැඩිය විශාල ප්‍රමාණයක් සත්‍ය වශයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියලා අපිට පැහැදිලියි.”

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »