
මෙවර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසිය හැකි කණ්ඩායම් අතර ඉන්දියාව – ශ්‍රී ලංකාව – පකිස්ථානය – එංගලන්තය – නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව පෙරමුණේ පසුවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය පවසනවා.
කෙසේවෙතත් අනෙකුත් කණ්ඩායම්ද සුලුකොට තැකිය නොහැකි බවයි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.
මෙවර තරගාවලියේදී සූර්යකුමාර් යාදෙව් සහ ජොස් බට්ලර් කැපී පෙනෙන ඉණිම් ක්‍රීඩා කරනු ඇති බවත් ඔවුන් ළකුණු අතර සිටින ක්‍රීඩකයන් වීම ඊට හේතුව බවත් සනත් ජයසූරිය සඳහන් කලා.

එමෙන්ම වනිඳු හසරංග – බාබර් අසාම් සහ විරාත් කෝලි යන ක්‍රීඩකයන් පිළිබඳ බලාපොරොත්තු අත්හැරිය නොහැකි බවත් සනත් ජයසූරිය ප්‍රකාශ කලා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් පැතුම් නිස්සංක – කුසල් මෙන්ඩිස් යන ද්විත්වයේ ඉණිම නැරඹීමට තමා අපේක්ෂාවෙන් පසුවන බවයි ඔහු කියාසිටියේ.

පන්දුවාර 20 තරගාවලිය නැරඹීම සඳහා තමන්ද ඔස්ටේ්‍රලියාවට පැමිණෙන බවත් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන්ට තමන් හමුවීමට අවස්ථාව පවතින බවත් සනත් ජයසූරිය වැඩිදුරටත් කියාසිටියා.
VIDEO CREDIT – NEWSWIRE