ඔස්ටේ්‍රලියාවේ රැකියාවල නියුතු ශ්‍රමිකයන්ගේ වෙනස්කම් රැසක් නිරීක්ෂණය වෙමින් ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.
2021 වසරේ සිදුකල ජන සංගණනයේ අතුරු වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරමිනුයි ඔවුන් මේ බව දන්වා සිටින්නේ.
වසර 10 කට පෙර හිගයක්ව පැවති ඇතැම් රැකියාවල මේ වනවිට පුරප්පාඩු අතිරික්තයක් පවතින බවත් – ඔස්ටේ්‍රලියානුවන් විවිධ අංශවල පුහුණුව ලබාගැනීම ඉහළ ගොස් ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.
2011 – 2021 කාලයේදී ඔස්ටේ්‍රලියාවේ වැඩියෙන්ම වර්ධනය වී ඇති ක්ෂේත්‍ර වන්නේ තාක්ෂණ අංශය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි.
සෞඛ්‍ය සේවයට පමණක් අලුතින් සේවකයන් ලක්ෂ 06 ක් එලෙස අලුතින් සම්බන්ධ වී ඇති බවයි නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
දැනට මෙරට ශ්‍රම බලකායෙන් සෑම 07 දෙනෙකුගෙන් අයෙකුම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය වනවා.
එමෙන්ම වැඩිවන වැඩිහිටි ජනගහණය හේතුවෙන් aged care වෙත යොමුවන පිරිසේද වැඩිවීමක් නිරීක්ෂණය වන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පවසන්නේ.
ඒ අනුව aged care ආශ්‍රිත රැකියා සඳහාද අධික ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පසුගිය වසරේ 10 තුළ වර්ධනය සියයට 164 ක්.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසන්නේ පසුගිය වසර 10 තුළදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ හෙදියන් ලෙස ඔස්ටේ්‍රලියාව තුළ සේවයට සම්බන්ධ වූවන් බහුතරයක් වෙනත් රටවලින් පැමිණි සංක්‍රමණිකයන් බවයි.