Search

චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවයට දින නියම වෙයි

බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවය සඳහා දින නියම වී තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ඔහුගේ රාජාභිෂේකය පැවැත්වීමට නියමිත බවයි බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත්තේ.

චාල්ස්, බ්‍රිතාන්‍යයේ රජු ලෙස මේවනවිටත් නම් කර ඇති නමුත් චාරිත්‍රානුකූලව සිදුවන සාම්ප්‍රදායික අභිෂේක මංගල්‍යය බ්‍රිතාන්‍යය රජ පවුලේ අතිශය වැදගත් උත්සවයක්.

ඒ අනුව බ්‍රිතාන්‍ය රජ පවුල අභිෂේක උත්සවයකට සූදානම් වන්නේ වසර 70 කට පසුවයි.

එමෙන්ම බ්‍රිතාන්‍යය රජ පවුලේ රාජාභිෂේකයක් සෙනසුරාදා දිනයේදී පැවැත්වෙන්නේ 1902 වසරින් පසුව පළමු වරට බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »