පුහුණු ශ්‍රමිකයන්ට සහ දැනට නවසීලන්තයේ සිටින වීසා ලාභීන්ගේ දෙමව්පියන්ට නැවතත් රටට පැමිණීම සඳහා අවසර දීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.
කොවිඩ් තත්වයත් සමග රට තුළ නිර්මාණය වු දැඩි සේවක හිගයට එමගින් පිළියමක් ලැබෙනු ඇති බවයි එරට බළධාරීන් සඳහන් කලේ.
නවසීලන්තය විසින් පසුගියදා නව රැකියා වීසා කාණ්ඩයක් හඳුන්වාදුන් අතර එහි වෘත්තීන් 511 කට අදාළව මේ වනවිට අයදුම්පත් 12,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි නවසීලන්ත රජය නිවේදනය කර සිටින්නේ.
සේවක හිගය මගහරවාලීම සඳහා ඉදිරි වසර තුළදී තවත් නව වීසා කාණ්ඩ හඳුන්වාදීමටද නවසීලන්ත රජය පියවර ගෙන තිබෙනවා.
මේ අතර ලබන පෙබරවාරි මාසයේ සිට වීසා කාණ්ඩ රැසකට අදාළ නව මධ්‍යයන වැටුප පැයකට ඩොලර් 29.66 දක්වා ඉහළ දැමීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ වැඩි විස්තර පහතින් :