Search

Skilled Visa ගැන වික්ටෝරියා අගමැතිගෙන් ඉගියක්

පුහුණු ශ්‍රමික ගැටලුව සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රාන්ත අගමැතිවරුන් සමගද සාකච්ඡා කිරීමට තමන් පියවර ගන්නා බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

දැනට ගොඩගැසී ඇති වීසා අයදුම්පත් ලක්ෂ 10 කට ආසන්න සංඛ්‍යාව සළකා බැලීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ ෆෙඩරල් රජයට බවයි ඔහු සඳහන් කලේ.

කෙසේවෙතත් මෙම තත්වය කඩිනමින් අවසන් නොවුණහොත් ඔස්ටේ්‍රලියාවේ පුහුණු ශ්‍රමික හිගය තවත් බරපතල තත්වයකට පත්වනු ඇතැයි මෙල්බන් පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා පෙන්වා දුන්නා.

ඊට ගතයුතු විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි ප්‍රාන්ත අගමැතිවරුන් සමග සාකච්ඡා කිරීමට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් තීරණය කර ඇත්තේ.

එහි පළමු සාකච්ඡාව නුදුරු දිනයකදී නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ සමග පවත්වන බවත් ඔහු ප්‍රකාශ කලා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »