අද රෑ සිට වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට තවත් නිදහසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක වසංගත තත්වය (pandemic declaration) අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ හුදකලා නීති රෙගුලාසි ද අද මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි වනු ඇති.

ඒ අනුව හෙට (බ්‍රහස්පතින්දා) සිට කොවිඩ් ආසාධිතයන් හුදකලාව සිටීමට අවශ්‍ය වන්නේද නැහැ.

වසංගත තත්වයක් ප්‍රකාශයට පත් කිරීම හරහා නිරෝධායන රෙගුලාසි සහ හුදකලා නීති සම්බන්ධයෙන් සෘජුව නියෝග නිකුත් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයට පැවති බලතල අද මධ්‍යම රාත්‍රි සිට ඉවත්වීමට නියමිතයි.

කෙසේවෙතත් වික්ටෝරියාවේ සෞඛ්‍ය සේවකයන් සඳහා බලාත්මක එන්නත්කරණ අවශ්‍යතා තවදුරටත් බලාත්මක වනවා.

හෙට සිට බලපැවැත්වෙන පරිදි වික්ටෝරියා ප්‍රාන්තවාසීන් කිසියම් අයෙකු කොවිඩ් ආසාධිත බව තහවුරුවීමේදී ඒ බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වෙත දැනුම්දීම අවශ්‍ය නොවනු ඇති.

නීතියක් ලෙස අවශ්‍ය නොවුණද ඕනෑම අයෙකුට බළධාරීන් වෙත ඒ බව දැනුම්දීමට තවදුරටත් හැකියාව පවතිනවා.

කෙසේවෙතත් ප්‍රාන්ත රජය ඉල්ලා සිටින්නේ කොවිඩ් ආසාධිත බව තහවුරුවුවහොත් හුදකලා කාලය ගත කිරීමෙන් අනතුරුව සමාජය තුළ කටයුතු කරන ලෙසයි.

මේ අතර ලබන සිකුරාදා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය් රැපිඩ් ඇන්ටිජන් කොවිඩ් පරීක්ෂණ ප්‍රථිඵල වාර්තා කිරීමද අනිවාර්ය නොවන බවට නව නියමයක් පණවා තිබෙනවා.

කෙසේවෙතත් ඕනෑම අයෙකුට ස්ව කැමැත්තෙන් එම ප්‍රථිඵල ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වෙත තවදුරටත් ලබාදිය හැකි වනවා.

සමස්ත ඔස්ටේ්‍රලියාවේම දින 05 ක හුදකලා නීති ඉවත් කිරීම සිදුවන්නේ හෙට (13) මධ්‍යම රාත්‍රියේ සිටයි.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »