Search

නත්තල් නිවාඩුවට ගුවන් ප්‍රවේශපත්‍ර ගැනීම 164% කින් ඉහළට

වසර 03 ක් තුළදී ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු සියයට 33 කින් ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

කොවිඩ් තත්වය එළඹිමට පෙර 2019 වසරේදී ග්‍රීෂ්ම සමයේ ගුවන් යානාවල පිරිමැසුම් පංතියේ ප්‍රවේශපත්‍රයක සාමාන්‍ය ගාස්තුව සටහන්වී තිබුණේ ඩොලර් 1362 ක් ලෙසයි.

කෙසේවෙතත් මේ වනවිට එය ඩොලර් 1817 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ සඳහා පාදක කරගෙන තිබුණේ මෙල්බන් සිට නවදිල්ලි – සිඩ්නි සිට ඩෙන්පසාර් – මෙල්බන් සිට ඩෙන්පසාර් – සිඩ්නි සිට හෝ චි මිං සහ සිඩ්නි සිට මැනිලා යන ගුවන් මාර්ගයි.

කොවිඩ් රෙගුලාසි සියල්ලම පාහේ ඉවත් කර ඇති බැවින් මෙවර නත්තල් සමයේ නිවාඩු සඳහා යන ඔස්ටේ්‍රලියානුවන්ගේ ප්‍රතිශතය සියටට 164 කින් පමණ ඉහළ ගොස් ඇති බවටද තහවුරු කරගෙන තිබෙනවා.

මෙල්බන් සහ සිඩ්නි සිට විශේෂයෙන් ආසියානු ගමනාන්ත වන දිල්ලි – බැංකොක් – සිංගප්පූරුව දක්වා ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීම් මෙවර සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »