බදු වැඩි නොකර වියදම් කැපීමට ඔස්ටේ්‍රලියානුවන් වැඩි පිරිසකගේ කැමැත්ත

ඉදිරි අයවැයේදී බදු වැඩි කිරීමට වඩා වියදම් කපා හැරීමට ඔස්ටේ්‍රලියානුවන් බහුතරයක් කැමැති බව නවතම මත විමසුමකදී අනාවරණ වී තිබෙනවා.

බදු වැඩි කිරීමට එකගතාවය පළකර ඇත්තේ සියයට 05 ක පිරිසක් පමණක් බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

ආරක්ෂක වැනි ක්ෂේත්‍රවල වියදම් කපා හැර සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා අමතර මුදල් ප්‍රතිපාදන යෙදවිය යුතු බව බහුතරයකගේ ස්ථාවරය වි තිබෙනවා.

මත විමසුමට දායකවූවන් අතුරින් සියයට 28 ක් පවසා ඇත්තේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දී වුවද ආර්ථිකය නංවාලීමට පියවර ගත යුතු බවයි.

ලිබරල් රජය විසින් සිදුකල බදු කපා හැරිම් කිහිපයක් 2024 වසරේ සිට බලාත්මක වනු ඇති.

ඒ අනුව ඩොලර් 45,000 ත් ලක්ෂ 02 ත් අතර උපයන සෑම අයෙකුම සියයට 30 ක බදු ප්‍රතිශතයකට පමණක් යටත් වනවා.

මෙම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි ඇන්තනී ඇල්බනීස් රජයද දිගින් දිගටම අවධාරණය කලේ.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »