හදිසිම සහන අවැසි රටවල් 05 ට ලංකාවත්

දැඩි ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැපයිය යුතු රටවල් 05 අතර ශ්‍රී ලංකාවද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

මේ අතර ලොව දරිද්‍රතාවයෙන් බැටකන කලාප තවත් අර්බුදවලට මුහුණදීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඔවුන් අද (11) නිකුත්කළ අලුත්ම වාර්තාවේ සඳහන් වන්නේ ලොව රටවල් 54ක් පමණ ඒ හේතුවෙන් අර්බුදවලට මුහුණදෙමින් ඇති බවය.

ලොව දරිද්‍රතාවයෙන් බැටකන ජනතාවගෙන් අඩකට වඩා එම රටවල්වල ජීවත් වෙති.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසන්නේ එම ජනතාවට කඩිනමින් ණය සහන අවශ්‍ය බවය.

නැතහොත් ඔවුන් තවත් දුප්පත් විය හැකි බවත් ඔවුන් නිකුත්කළ එම වාර්තාවේ දැක්වෙයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »