අගෝස්තුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණි හා පිටව ගිය ගුවන් මගීන්ගේ අඩුවක්

අගෝස්තු මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණි සහ පිටත්ව ගිය ගුවන් මගීන් යන දෙකොට්ඨාශයේම සංඛ්‍යා අඩු අගයක් ගෙන තිබෙනවා.

එම මාසයේ රටට පැමිණ ඇති පුද්ගලයන් සංඛ්‍යාව 10 ලක්ෂ 27 දහස් 700 ක් වන අතර එය ජූලි මාසයට සාපේක්ෂව 53,910 ක පහළයාමක්.

කෙටිකාලීන වීසා මත පැමිණි 47,110 ක් සහ දිගු කාලීන වීසා මත පැමිණි 348,440 දෙනෙකු මේ අතර වනවා.

කෙටිකාලීන වීසා මත පැමිණි වැඩිම පිරිස නවසීලන්තයෙන් වන අතර දෙවන සහ 03 වන ස්ථාන පිළිවෙලින් ඉන්දියාව සහ සිංගප්පූරුව විසින් හිමිකරගෙන තිබෙනවා.

අගෝස්තු මාසයේ ඔස්ටේ්‍රලියාවෙන් පිටත්ව ගිය පුද්ගලයන් සංඛ්‍යාව 942,210 ක් වන අතර එයද පසුගිය ජූලි මාසයට වඩා 26,270 ක අඩුවක් ලෙසයි සටහන් වන්නේ.

පිටත්වයාම්වලින් අති බහුතරයක ගමනාන්තය වන්නේද නවසීලන්තයයි.

August 1 to August 31

Three out of the five top destinations were New Zealand.

  1. 1.Auckland, New Zealand (33.3 per cent)
  2. 2.Denpasar, Indonesia (15.7per cent)
  3. 3.Queenstown, New Zealand (10.2 per cent)
  4. 4.Fiji (9.4 per cent)
  5. 5.Christchurch, New Zealand (9.3 per cent)

September 1 to September 30

  1. 1.Auckland, New Zealand (33.3 per cent)
  2. 2.Denpasar, Indonesia (13.8 per cent)
  3. 3.Queenstown, New Zealand (9.6 per cent)
  4. 4.Christchurch, New Zealand (9.1 per cent)
  5. 5.Fiji (8.2 per cent)

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »