ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය අවපාතයක් දක්වා ගමන් කරමින් ඇති බවට ප්‍රධාන ආර්ථික විද්‍යාඥයන් පිරිසක් අනතුරු අගවා තිබෙනවා.
මීට මාස කිහිපයකට පෙර සියයට 30 ක් ලෙස පැවති එම අවධානම් මට්ටම මේ වනවිට සියයට 40 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අඛණ්ඩව අවස්ථා 06 කදී පොළී අනුපාත ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුවට සිදුවීම මීට ප්‍රධානම උදාහරණයක් බව ආර්ථික විද්‍යාඥයන් අවධාරණය කරනවා.
ඉදිරි මාස කිහිපය තුළදී ඔස්ටේ්‍රලියා ආර්ථිකය හැසිරෙන ආකාරය අනුව ලබන වසරේදී ආර්ථික අවපාතයක් ඇතිවේද වැළකේද යන්න තීරණය වනු ඇති බව ඔවුන්ගේ ස්ථාවරයයි.
රැකියා – ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළ – නිවාස මිළ ගණන් – උද්ධමනය ආදී කරුණු රැසක් එහි සාධක බවට පත්වනු ඇති බවද ආර්ථික විද්‍යාඥයන් අවධාරණය කරනවා.