ඔස්ටේ්‍රලියාවේ සුළි කුණාටු අවධානම 73% කින් ඉහළට

CYCLONE STORM

ඔස්ටේ්‍රලියාවට ඉදිරි කාලයේදී බලපෑ හැකි සුළි කුණාටු 10 ක් සඳහා යොදන නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පළමු සුළි කුණාටුවට යෙදීමට නියමිතව ඇත්තේ Darian යන්නයි.

අනතුරුව පිළිවෙලින් Ellie, Freddy, Gabrielle, Herman, Ilsa, Jasper, Kirrily, Lincoln and Megan යන නම් තැබීමට නියමිත බව ඔස්ටේ්‍රලියානු කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලා.

2022-23 කාල සීමාව තුළදි ඔස්ටේ්‍රලියාවට සුළි කුණාටු ගණනාවකින් බලපෑම් එල්ලවිය හැකි බවට අනතුරු ඇගවීමත් සමගයි මෙම නාමලේඛණය ප්‍රසිද්ධියට පත් කෙරුණේ.

සාමාන්‍ය තත්වයට වඩා ඉදිරි වසරක කාලය තුළදී ඔස්ටේ්‍රලියාවට කුණාටු ඇතිවීමේ අවධානම සියයට 73 කින් වැඩි බවටද අනාවැකි පළවනවා.

ඔස්ටේ්‍රලියාව තුළ සුළි කුණාටු වැඩිම කාල සීමාව ලෙස සැළකෙන්නේ නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයයි.

 

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »