ලබන වසර තුළදි ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල 35% කින් ඉහළට

ලබන වසර තුළදි ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල් ගාස්තු සියයට 35 කින් පමණ වැඩි විය හැකි බවට අනතුරු අගවා තිබෙනවා.

රුසියානු – යුක්රේන යුද්ධය හමුවේ ලොව පුරා උද්ගතව ඇති බලශක්ති අර්බුදය මෙන්ම ඔස්ටේ්‍රලියාව තුළ ගල් අගුරු බලාගාර කිහිපයක් වසා දැමීම මීට ප්‍රධාන හේතුවී තිබෙනවා.

මේ අනුව ලබන වසරේදී දකුණු ඔස්ටේ්‍රලියාවේ මාසික විදුලි බිලේ සාමාන්‍යය ඩොලර් 514 ක් – නිවු සවුත් වේල්ස් ඩොලර් 480 ක් සහ වික්ටෝරියා හි ඩොලර් 430 ක් ලෙස පවතිනු ඇති.

පසුගිය ජූලි පළමුවනදා ද ඔස්ටේ්‍රලියාව තුළ විදුලි බිල් ගාස්තු සියයට 18 කින් ඉහළ දමනු ලැබුවා.

2025 වසර වනවිට විදුලිබිල් ගාස්තු පහළ දමන බවටද ලේබර් පක්ෂය පසුගිය මැතිවරණ සමයේදී පොරොන්දුවක් දි තිබුණා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »