රියදුරන්ගේ වැරදි නිසා ක්වීන්ස්ලන්ඩ් රජයට ඩොලර් මිලියන ගණනක ආදායමක්

රථවාහන වැරදි සිදුකරන රියදුරන් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් පසුගිය වසරේදී උපයාගෙන ඇති දඩ මුදල ඩොලර් මිලියන 274.5 ක් බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ගතවූ මාස 12 දී අයකර ඇති දඩු මුදල් ප්‍රමාණයේ වැඩවීම සියයට 36 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

මෙලෙස දඩ මුදල් සීඝ්‍රයෙන් ඉහළගොස් ඇත්තේ ජංගම දුරකථන භාවිතය සහ වැරදි සහගත ලෙස ආසන පටි පළඳින රියදුරන් හඳුනාගැනීම සඳහා නිරීක්ෂණ කැමරා යොදාගැනීමට ප්‍රාන්ත රජය පියවර ගැනීමත් සමගයි.

එම වැරදි දෙක සඳහාම ඩොලර් 2000 ඉක්මවූ දඩ ක්වීන්ස්ලන්ඩ් හිදී නියම කල හැකි වනවා.

මේ අනුව අදාළ ආදායම දිනකට ඩොලර් 752,000 ක් හෙවත් විනාඩියකට ඩොලර් 500 ක් පමණ වනවා.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »