ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටුනේ දුෂණය නිසා – IMF කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුව වැරදි කළමනාකරණය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටිනා ජොර්ජිවා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස ද වංචා හා දූෂණ සිදු වූ බව පිළිගෙන වංචා සහ දූෂණ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසද ඉල්ලීමක් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුලුව අද(10) අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වේ.

එම සමුලු ලබන 16 වැනිදා දක්වා පැවැත්විමට නියමිතයි.

එම සමුලු සඳහා මෙරටින් 08 දෙනෙකුගෙන් යුත් මෙරට කණ්ඩායමක් සහභාගි වෙයි.

එහි ප්‍රධානත්වය මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ දරණු ඇති.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරින් පිරිසක් මෙම දූත කණ්ඩායමට ඇතුළත් ය.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »