Search

ඔමික්‍රොන් සඳහාම නිපදවූ එන්නත අද සිට ඔස්ටේ්‍රලියාවේ

නව ඔමික්‍රොන් ප්‍රභේදවලට විශේෂයෙන් ඉලක්ක කර සෑදු විශේෂ කොවිඩ් මර්දන මොඩර්නා එන්නත අද ඔස්ටේ්‍රලියාව තුළ නිල වශයෙන් හඳුන්වාදීම සිදුකෙරෙනවා.දෙයි.

Moderna Spikevax bivalent ලෙස එය නම් කර ඇති අතර මෙරට තුළ දැනට ක්‍රියාත්මක කොවිඩ් බූස්ටර් එන්නත් වැඩසටහනට ඒකාබද්ධ කෙරෙනු ඇති.

ඔමික්‍රොන් ප්‍රභේදය ඉලක්ක කර නිපදවා ඇතත් ඔස්ටේ්‍රලියාව තුළ පැතිර පවතින අනෙකුත් ප්‍රධාන උප ප්‍රභේදවලට එරෙහිවද අමතර ආරක්ෂාවක් ලබා දෙන බවයි තහවුරු වී ඇත්තේ.

මෙම එන්නත ඉදිරියේදී මතුවිය හැකි නව ප්‍රභේදවලින් ආරක්ෂා වීමට ඉඩකඩ සළසනු ඇති බවද ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය පෙන්වා දෙනවා.

වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයින් සඳහා ඕනෑම බූස්ටර් මාත්‍රාවක් ලෙස මෙම එන්නත භාවිත කළ හැකියි.