ඔස්ටේ්‍රලියානුවන් වර්තමානයේ මුහුණදෙන ප්‍රධානතම ගැටලුව හෙළිවෙයි

ඔස්ටේ්‍රලියානුවන් වර්තමානයේ මුහුණදෙන ප්‍රධානතම ගැටලුව බවට ඉහළ යන ජීවන වියදම පත්වී තිබෙනවා.

පුද්ගලයන් 1500 දෙනෙකු යොදාගනිමින් සිදුකල සමීක්ෂණයකදීයි එම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

පසුගිය වසර 02 පුරා ඔස්ටේ්‍රලියානුවන් මුහුණදී තිබූ ප්‍රධානතම ගැටලුව බවට අනාවරණ වී තිබුණේ කොවිඩ් වසංගත තත්වයයි.

කෙසේවෙතත් වැඩිවන පොළී අනුපාත – උද්ධමනය වැනි කරුණු හමුවේ ජිවන වියදම මේ වනවිට ප්‍රමුඛතම ගැටලුව බවට පත්වී ඇති බවයි මානසික සෞඛ්‍ය සේවාවක් විසින් සිදුකල අධ්‍යයනයකදී අනාවරණ වී ඇත්තේ.

සමීක්ෂණයට දායකවූවන්ගෙන් සියයට 48 ක් පවසා තිබුණේ තමන්ට මානසික ගැටලුවකදී උපකාරයක් අවශ්‍ය බවයි.

තවත් සියයට 46 ක් පවසා ඇත්තේ තමන්ට උපකාරයක් අවශ්‍ය නොවන බවයි.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »