උතුරු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය කලාපීය වික්ටෝරියා සඳහා තම දේශ සීමා විවෘත කිරීමට පියවර​

උතුරු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය කලාපීය වික්ටෝරියා සඳහා තම දේශ සීමා විවෘත කිරීමට පියවර​

Northern Territory to remove regional Victoria’s hotspot rating

උතුරු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය නොවැම්බර් 2 සිට කලාපීය වික්ටෝරියා COVID-19 උණුසුම් ස්ථානයක් ලෙස නොසලකයි, එයින් අදහස් කරන්නේ එම ප්‍රජාවන්හි පදිංචිකරුවන්ට උතුරු ප්‍රාන්තය දෙසට ගමන් කළ හැකි බවයි.

මෙල්බන් හැර අනෙකුත් කලාපීය වික්ටෝරියා ප්‍රදේශ වනGeelong, Mitchell Shire, Macedon Ranges සහ East Gippsland යන නගර වල ජීවත් වන ජනතාවට තව සති 4කින් පසු උතුරු ප්‍රාන්තයට ඇතුල් විය හැකි බව මහ ඇමති Michael Gunner පැවසීය.

කලාපීය වික්ටෝරියා සඳහා මෙලෙස උතුරු ප්‍රාන්තයේ දේශ සීමා ලිහිල් කරනු ලබන්නේ කොරෝනා සිද්ධි සංඛ්‍යා කොරෝනා වර්තමානයේ පවතින අයුරින් පහත මට්ටමක පැවතුනහොත් පමණි.

NT රෙගුලාසි යටතේ, කලාපයක් “hotspot” ලැයිස්තුවෙන් ඉවත්කළ හොත්, සංචාරකයින්ට භූමියට ඇතුළු වීමට පෙර නිරෝධායනය වීම අවශ්‍ය නොවේ.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »