වික්ටෝරියා ප්‍රවාහන ගාස්තු දිනකට $ 2 කට අඩුකෙරෙන යෝජනාවක්

ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් සියලුම පොදු ප්‍රවාහන සේවා ගාස්තු අඩු කරන බවට විපක්ෂ ලිබරල් සන්ධානය ප්‍රතිඥා දෙනවා.

දුම්රිය – බස් ගාස්තු සහ ට්‍රෑම් යන සියලු සේවා සඳහා ඒ අනුව දිනකට ඩොලර් 02 ක උපරිම ගාස්තුවක් පමණක් අය කෙරෙන ලෙස ගාස්තු සංශෝධනය කෙරෙනු ඇති.

කෙසේවෙතත් regional වික්ටෝරියා හි වැඩි ප්‍රදේශයක් ආවරණය වන V/Line සේවා සඳහා ගාස්තු අඩු කිරීමක් සිදුවන්නේ නැහැ.

වසර 04 ක කාලයකට මේ අනුව වික්ටෝරියා ප්‍රාන්ත රජයට දැරීමට සිදුවන මුදල ඩොලර් බිලියන 1.3 ක්.

විපක්ෂයේ යෝජනාව අනුව දිනපතා සහ සඳහා දැනට බලාත්මක ඩොලර් 9.20 ක ගාස්තුව ඩොලර් 02 කට අඩුවීමට නියමිතයි.

ජීවන බර හමුවේ පීඩා විඳින වික්ටෝරියා මගී ජනතාවට සහනයක් සැළසීම මෙහි අරමුණ බව වික්ටෝරියා විපක්ෂ නායක මැතිව් ගයි සඳහන් කලා.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »