ඔස්ටේ්‍රලියාවේ ආධුනිකත්ව පුහුණු ගැන අසුභ ආරංචියක්

ඔස්ටේ්‍රලියාවේ ආධුනිකත්ව පුහුණු සම්පූර්ණ කරන තරුණයන් සංඛ්‍යාව වසර 23 කට පසු පහළම අගය වාර්තා කර තිබෙනවා.

වෘත්තීමය අධ්‍යාපනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව එම ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 55.7 ක් ලෙසයි.

පසුගිය වසරේදි පුහුණුව අවසන්කල ආධුනිකයන් සංඛ්‍යාව 77,000 ක් ලෙස සටහන් වන අතර එය 1999 වසරෙන් පසු එක් වසරකදී පුහුණුව අවසන් කල අඩුම ආධුනිකයන් සංඛ්‍යාවද වනවා.

2013 වසරේ සිට මේ දක්වා සෑම වසරකදීම පුහුණුව අවසන් කල ආධුනිකයන් ගණන පෙර වසරට වඩා අඩුවෙනුයි සටහන් වන්නේ.

ඔස්ටේ්‍රලියාවේ දැඩි සේවක හිගයට මෙයද බලපා ඇති අතර ඉදි කිරීම් වැනි ක්ෂේත්‍ර කඩාවැටීමට පවා ඉවහල් විය හැකි බවයි විද්වතුන් පෙන්වා දී ඇත්තේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »