
විදේශවල ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන BUNGEE JUMPING ක්‍රීඩාව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතය.
ඒ අනුව, නෙළුම් කුලුනේ සිට BUNGEE JUMPING කිරීමට අවස්ථාව හිමිවන අතර BUNGEE සමාගම සහ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීය.
එහිදී අදහස් දැක්වූ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ,

“මේගොල්ලන්ගේ 50,000ක් විතර වෙනම ටීම් එකක් ඉන්නවා.. රටවල්වලට ගිහිල්ලා BUNGEE JUMPING කරන. මෙතන අලුත් තැනක් නිසා මේ 50,000 ම මෙතනට ගෙන්න තමයි මෙයාලා බලන්නේ. අපේ රටට විදේශිකයින්, සංචාරකයින් ගේන්න ලොකුම අවස්ථාවක් මේක. මීටර 350ක් ඉහළ ඉඳන් පනින්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඒ අය පනින විදිය. ඒක වෙනම අත්දැකීමක්. ඒවාට ආස අය ඉන්නවා. ජනවාරි 1 සිට දවසකට පැනුම් වාර 100ක් කරන්න සැලසුම් කරනවා. ඊට අමතරව, රාත්‍රි කාලයේ පැනුම් වාර 30 – 40ක් පමණ..නෙළුම් කුලුන රාත්‍රියේ වර්ණවත් කරාට පස්සේ.”
“විදේශිකයින්ට හා දේශීය අයට ගාස්තු වර්ග දෙකක් තියෙනවා. ලංකාවේ අයට අඩු ගාස්තුවක් අය කරන්න හදන්නේ. දෙසැම්බර් මාසයේ කැමති අය වෙනුවෙන් තරගයක් තියලා තෝරාගන්නා කිහිපදෙනෙකුට නොමිලේ අවස්ථාවක් දෙන්න බලාපොරොත්තුවෙනවා.”
