
බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ හෙදියන් සේවා මුරවල යෙදවීමේ ක්‍රමවේදය වහාම සංශෝධනය කල යුතු බවට නිර්දේශ ලැබී තිබෙනවා.
ප්‍රාන්ත රජය විසින් පත් කල කමිටුවක් විසින් ලබාදී ඇති වාර්තාවකයි එම නිර්දේශ ඇතුළත් වී ඇත්තේ.
බටහිර ඔස්ටේ්‍රලියාවේ එක් හෙදියක විසින් ආවරණය කල යුතු රෝගීන් සංඛ්‍යාවේ අනුපාතය ඉහළ අගයක් ගන්නා බව මෙම වාර්තාවට ඇතුළත්.

එය වික්ටෝරියා ප්‍රාන්තයේ හෙදියන් සහ රෝගීන් අතර අනුපාතය දක්වා පහළට ගෙන ආ යුතු බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය වෙත ලැබී ඇති වාර්තාවට අන්තර්ගත වන්නේ.
මේ අතර බටහිර ඔස්ටේරලියාවේ හෙදියන් ලබන බදාදා දිනයේදි සේවයෙන් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ හෙදියන් විසින් මුහුණ දි සිටින සේවා ගැටලු විසඳීමට ප්‍රාන්ත රජය මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවට චෝදනා කරමිනුයි.