
කුණාටු සමය එළඹීමත් සමග ඇදුම (thunderstorm asthma) රෝග තත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නැවත දැනුම්දීමක් සිදුකරනවා.
මෙවර වාතාශ්‍රයේ අංශූ ප්‍රතිශතය වැඩි අගයක් ගෙන ඇති බැවින් රෝගීන් සංඛ්‍යාවේද වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව සඳහන්.
මෑතකාලීන ඉතිහාසයේ හමුවේ මෙල්බන් නගරයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සටහන් වී තිබුණේ 2016 වසරේදී වන අතර එහිදී පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත්වී තිබුණා.

කෙසේවෙතත් මෙවර එම තත්වය ඉක්මවා යනු ඇති බවටද අනාවැකි පළවනවා.
සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටින්නේ ඇදුම රෝගයෙන් පෙළෙන්නන් හැකිතාක් බාහිර පරිසරයට නිරාවරණය නොවී සිටින ලෙසටයි.
