Search

ලංකාවේ තරුණයෙකුට තෙවැනි වතාවටත් කොරෝනා…

ලංකාවේ තරුණයෙකුට තෙවැනි වතාවටත් කොරෝනා…

ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකුට තෙවැනි වරටත් කොරෝනා ආසාදනය වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා සඳහන් කළා.

එම තරුණයා ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත​. මොහු පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ආසාධිතයකු බවට තහවුරු විය​.

ඔහු ප්‍රථිකාර ලබා අදාල නිවසට පැමිණ සිය මව සමඟ නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී, දෙවන වරට යලි රෝග ලක්ෂණ පහළ කිරිමේන් පසු සැප්තැම්බර් 17 දින හලාවත රෝහලේ කොවිඩ් ඒකකයේ දී දෙවන වරටත් කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනුණා.

කෙසේ වෙතත් ඔක්තෝම්බර් 2 දින නිරෝධායනය වෙමින් සිටියදී නැවතත් අසනිපව හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට ඔහුව ඇතුළත් කරනු ලැබීය​. එහිදි ඔහු තුන්වන වරට ද කොරෝනා ආසාධිතයක් ලෙස හඳුනා ගැනුණා.

ප්‍රදේශීය සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ මේ වන විට ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුළ තෙවැනි වරටත් කොරෝනා ආසාධිතයකු ලෙස වාර්තා වු පළමු රෝගියා මෙම තරුණයා බවයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »