ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් භයානක වාර්තාවක්

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 9.2 කින් පහළ යනු ඇති බවට ලෝක බැංකුව අනාවැකි පළකර තිබෙනවා.

2023 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට සියයට 4.2 කින් පහළ යනු ඇති බවයි ලෝක බැංකුව අද නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව විසින් ගෙවීමට පවතින ණය හමුවේ ආර්ථික තත්වය අයහපත් වනු ඇති බවයි ලෝක බැංකුවේ ස්ථාවරය වන්නේ.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියාසිටියේ ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇති බවයි.

සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය සියයට 67.8 ක් වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් උද්ධමනය ගණනය කළ පසු සියයට 69.8 ක් වූ බව ඔහු සඳහන් කලා.

මෙම ප්‍රවණතාව ඉදිරියටත් පවතිනු ඇතැයි ද ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට උද්ධමනය අඩු වී ලබන වසරේ දී තවදුරටත් උද්ධමනය අඩු වනු ඇතැයි ආචාර්ය නන්දලාල් විරසිංහ කියාසිටියා.

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හමුවේ මෙලෙස උද්ධමනය අඩු වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කලා.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »