
විශ්ව විද්‍යාල සහ TAFE අධ්‍යාපන ආයතනවල පාඨමාලා සඳහා ප්‍රතිපාදන සපයන ක්‍රමවේදයේ වෙනසක් සිදුකල යුතු බවට ඵලදායිතා කොමිසම විසින් නිර්දේශ කර තිබෙනවා.
සිසුන්ට සෘජුවම මුදල් හිමිවන වවුචර ක්‍රමයකට යා යුතු බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.
දැනට TAFE සඳහා ප්‍රාන්ත රජයන් විසින් ප්‍රතිපාදන සපයන අතර විශ්ව විද්‍යාල මෙන්ම ශිෂ්‍ය ණය සඳහා මූල්‍යාධාර සපයන්නේ ෆෙඩරල් රජය විසිනුයි.

මෙම ණය ක්‍රමය හේතුවෙන් බොහෝ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල සඳහා යොමුවන බැවින් TAFE සඳහා යන සිසුන්ගේ අඩුවක් නිරීක්ෂණය වන බවයි ඵලදායිතා කොමිසම පෙන්වා දෙන්නේ.
මෙය වෘත්තීය පුහුණුව ලැබීමට පෙළඹෙන සිසුන් සංඛ්‍යාව අඩු කිරීමටත් රැකියා හිගය තවත් ඉහළ යාමටත් බලපාන බව ඔවුන් තවදුරටත් සඳහන් කරනවා.

එබැවින් ඩිප්ලෝමා මට්ටමේ සිටම ශිෂ්‍ය ණයක් ලබාගත හැකි වන පරිදි TAFE පාඨමාලා ක්‍රමය වෙනස් කල යුතු බවයි ඵලදායිතා කොමිසම අවධාරණය කර සිටින්නේ.