ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව සම්මතයි

රටවල් 37 ක අනුග්‍රහයෙන් යුතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ.

යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් ලැබී තිබූ අතර චීනය – පකිස්ථානය ඇතුලු රටවල් 07 ක් විරුද්ධව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලේය.

ඉන්දියාව – ජපානය ඇතුලු රටවල් 20 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළේය.

එම සැසිය අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ කැමැත්තකින් හෝ අදහස් විමසීමකින් තොරව ඉදිරිපත් කර ඇති බවය.

එය ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවලියක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර එහිදී අදහස් පළ කළ චීන නියෝජිතයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර මෙහිදී සැලකිල්ලට ගෙන නොමැති බවය.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »