Update : ඔප්ටස් සිද්ධියට ඇල්ලූ 19 හැවිරිදි තරුණයාගේ සුලමුල හෙළිවෙයි

ඔප්ටස් සමාගමේ සොරාගත් දත්ත භාවිත කල බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයා සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය තවත් තොරතුරු කිහිපයක් හෙළි කර තිබෙනවා.

Rockdale හි පදිංචි 19 හැවිරිදි සැකකරු ට චෝදනා 02 ක් ගොණු කිරීමට නියමිතයි.

සෑම චෝදනාවකටම වසර 07 ත් 10 ත් අතර වන සිර දඩුවම් නියම කල හැකි වනවා.

මොහු දත්ත සොරා ගැනීමට සම්බන්ධ නොමැති නමුත් අලෙවි කෙරුණු සොරාගත් දත්ත භාවිත කර කප්පම් ගැනීමට තැත් කර ඇති බව සඳහන්.

ඔහු විසින් වාර්තා 10,200 ක් උපයෝගී කරගනිමින් ඔප්ටස් ගණුදෙනුකරුවන් 93 කට තර්ජනාත්මක කෙටි පණිවිඩ යොමු කර තිබෙනවා.

ඒ සෑම අයෙකුගෙන්ම සැකකරු ඩොලර් 2000 බැගින් කප්පම් ඉල්ලා ඇත්තේ ඔවුනට අදාළ දත්ත තවදුරටත් ව්‍යාප්ත නොකිරීම සඳහායි.

කෙසේවෙතත් ඉන් කිසිවෙකුත් ඔහුට මුදල් ගෙවා නැහැ.

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »