ඔප්ටස් දත්ත යොදා SMS වංචාවක් සිදුකල අයෙකු අත්අඩංගුවට

ඔප්ටස් සයිබර් ප්‍රහාරයේදී යොදාගත් දත්ත ආශ්‍රිතව SMS වංචාවක් සිදුකල බව කියන සිඩ්නි පදිංචිකරුවෙකු ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් Operation Guardian ලෙස නම්කල විශේෂ මෙහෙයුමේදීයි මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩදුර තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය සඳහන් කලා.

මේ අතර මිලියන 10 ක පමණ පාරිභෝගිකයන්ට බලපෑම් එල්ල කරමින් ඔප්ටස් සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරයත් සමග මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට අදාළ නීති සහ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය තී්රණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත් අංක – රියදුරු බලපත් අංක සහ දත්ත, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග හුවමාරු කරගැනීමට දුරකථන සමාගම් ඇතුලු විදුලි සංදේශ ආයතන සඳහා අවස්ථාව උදාවනවා.

කිසියම් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවකදී අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ඇතුලු අනෙකුත් සංවේදී තොරතුරු ආරක්ෂා කරගැනීමට ඒ හරහා අමතර ප්‍රතිපාදන ලැබෙනු ඇති.

කිසියම් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී ෆෙඩරල් රජයේ සහ ප්‍රාන්ත රජයන්හි විමර්ශන අංශ වෙත තොරතුරු ලබාදීමටත් නව රෙගුලාසි හරහා විදුලි සංදේශ සමාගම් වෙත අවස්ථාව හිමිවන බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් කියාසිටියේ.

තවදුරටත් අවශ්‍ය නොවන පුද්ගලික දත්ත ගබඩා කර ගැනීමකින් තොරව විනාශ කිරීම තවත් යෝජනාවක්.

ඉදිරි මාස 12 සඳහා මෙම නව රෙගුලාසි බලාත්මක වන අතර තවත් දීර්ඝ කරන්නේද යන්න අනතුරුව විමසා බැලීමට නියමිතව තිබෙනවා.

මෙම රෙගුලාසි බලාත්මක කිරීමට පෙර නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් ෆෙඩරල් භාණ්ඩාගාරිකවරයා සඳහන් කලා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »